ඊයේ දිනයේ ගල් අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන් 160 දෙනෙකුට පොහොර මිටි 500 ක් බෙදා දෙනු ලැබුවා. වෙළඳපොළේ රුපියල් 40,000 ක ඉහළ මිලකට අලෙවි වන යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 10,000 ක මුදලකට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, සහන මිලකට පොහොර ලබාදීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට ස්තුතිය පළ කළ බවයි. ඔවුන් රතිඤ්ඤා ද දල්වමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කළා.