මාධ්‍ය ආයතනවලට අණදීම වැරදි පූර්වාදර්ශයක්...

ජූලි 14, 2022

    අරගලයේ නාමයෙන් මාධ්‍ය ආයතනවලට අණ දීම වැරදි පූර්වාදර්ශයක් බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය සඳහන් කරන්නේ, එවැනි ක්‍රියා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. අරගලකරුවන් ලෙස තමන් හඳුන්වා දුන් පිරිසක් ඊයේ ජාතික රූපවාහිනි පරිශ්‍රයට ඇතුළු වී එහි වැඩසටහන් සැකැස්ම පිළිබඳව නියෝග පැනවීම හා සජීවී වැඩසටහන්වලට සහභාගී වෙමින් කළ අදහස් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

    මාධ්‍ය අන්තර්ගතය තීරණය කිරීම අදාළ මාධ්‍ය ආයතනවල සංස්කාර මණ්ඩලය සතු අයිතියක් වන අතර, ඊට බලපෑම් කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව සලකා බැලෙන පිලිගත් නිර්ණායකවලට අනුව පැහැදිලිවම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බවයි, එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය, මාධ්‍ය පවතින ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනවාට වෙනුවට මහජන සේවා මාධ්‍ය බවට පත් කළ යුතු බව, එහි දැක්වෙනවා.

    Latest News