අද හෝ හෙට ඉන්ධන නෞකාවක් මෙරටට

ජූලි 18, 2022

    අද (18) හෝ හෙට (19)පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම සියලු ඉන්ධන නෞකා සදහා මුදල් ගෙවා අවසන් බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

    ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂය ඉක්මවා ඇති අතර එහි ලියාපදිංචිය අවසන් වනතුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදු නොවේ. 

    Last modified on සදුදා, 18 ජූලි 2022 08:53

    Latest News