තවත් ගෑස් නෞකාවක් දිවයිනට

ජූලි 18, 2022

    ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් සහිත තවත් නෞකාවක් අද දිනයේ මෙරටට ළගාවීමට නියමිතයි.

    එම නෞකාව මෙරට මුහුදු තීරයට පැමිණීමෙන් අනතුරුව තත්ත්ව පරීක්‍ෂාවන් සිදුකර කඩිනමින් ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    පසුගියදා මෙරටට ළගා වූ නෞකාවෙන් ගොඩබෑම් සිදුකළ ගෑස් තොගයේ තවත් කොටසක් අද දිනයේ දිවයින පුරා බෙදා හැරේ.

    ඒ අනූව, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් කොළඹ මෙන්ම පිට පළාත්වලට ද බෙදාහරින බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. 

    Latest News