නව පනත පැරදවීමට දයාසිරිගෙන් ප්‍රතිඥාවක්

මාර් 12, 2019

    වත්මන් රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගෙන ඒමට සුදානම් වන නව පනත පැරදවීමට සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    රජය නව පනත තුළින් වෘත්තීය සමිති හා මාධ්‍ය මර්දනය කිරීමට යන බව පෙනී යන්නේ යැයි ඔහු සඳහන් කළේය. එබැවින් එයට එරෙහිව ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය. 

    දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    Latest News