මෙම ජලාශ ව්‍යාපෘතිය සඳහා සිය ගම්බිම්, ගේ-දොර පරිත්‍යාග කළ ප්‍රධාන පවුල්වලට අයත් අනු පවුල්වල ජීවත්වන බොහෝදෙනෙකු තවමත් වන්දි මුදල් හෝ කුඹුරු ඉඩම් හෝ නිවාස හෝ නොමැතිව අන්ත අසරණව සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි.
මහවැලි අධිකාරියට විරුද්ධව සිදුකළ උද්ඝෝෂණ හා උපවාසවලින් පසු ලැබුනු ඉඩම් කැබලිවල ඔවුන් දැනට කුඩා නිවාස තනාගෙන ජීවත් වේ. කුඹුරු ඉඩමක් හෝ රුපියල් ලක්ෂ 12 ක මුදල් වන්දි වශයෙන් ලබා දිය යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ. එය කඩිනමින් ලබාදෙන්නේ නම් තමන්ට ලබා දුන් ගොඩ ඉඩමේ කුඩාවට හෝ නිවසක් තනා ගැනීමට හැකි බව එම ජනතාව වැඩිදුරටත් සඳහන් කර සිටිති.
ඔවුන්ට පානීය ජලය ලබාදෙන්නේ බවුසර් මගින් වන අතර භාවිත කරන මාර්ගයත් නිසි ලෙස නඩත්තු නොකෙරේ. එම නිසා කිසිදු ගොවිතැනක් කරගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. ඉඩම් පරිත්‍යාග කිරීමට පෙර, ජල විදුලිය සහිතව සැපවත් ජීවිතයක් ගත කළ ඇතැම් පිරිස්වලට මේ වනවිට අඩුම තරමේ විදුලිය හෝ ලබා ගැනීමට නොහැකිව ලන්තෑරුම් එළියෙන් ජීවත්වීමට සිදුව තිබේ. විදුලිය නොමැතිව මහ ඝන කැලෑවල කුඩා වාඩි තනාගනිමින් වනසතුන් සහ විෂ ඝෝර සර්පයින්ගෙන් දරුවන් ආරක්ෂා කරගනිමින් ජිවත්වීමේ අරගලයක ඔවුහු මේ වන විට නිරතව සිටිති.
තමන්ට මුහුණදීමට සිදුව ඇති මේ තත්ත්වය පිළිබඳව වසර ගණනාවක සිට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ බලධාරීන් කෙතරම් දැනුවත් කළත් ඉන් ඵලක් නොවූ බවයි ජනතාව චෝදනා කරන්නේ. ඔවුන් පවසන්නේ එම නිලධාරීන් මේ පිළිබඳව ජනාධිපතිතුමාට දැනුවත් කර නොමැති බවයි.
වසර ගණනාවක සිට අත්විඳින මෙම අසාධාරණය හා දුක්ගැහට පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර සහනයක් සලසා දෙන්නැයි ඔවුහු ඉල්ලීමක් කර සිටිති.