ඇය නියෝජනය කළේ, කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ක්‍රීඩා ඉසව්වයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම සඳහා තරඟ වැදුණේ, ඔස්ට්‍රේලියාවේ ඉවෙන් සිමෝනිලිස් ක්‍රීඩිකාව සමගයි. තරගය මිනිත්තුවයි, තප්පර 51 ක කාලයක් තුළදී ජය ගැනීමට නෙත්මි සමත් වුණා.
ඇය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මෙරටට පදක්කමක් හිමි කර දුන් ලාබාලතම ක්‍රීඩිකාව වන අතර, මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රථම පදක්කම ද මෙයයි. ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, මල්ලවපොර සංගමයේ නියෝජිතයින් සහ ඇයගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.