200කට අධික වකුගඩු රෝගීන් සිටින ග්‍රාමසේවා වසම...

අගෝ 13, 2022

    නාවුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ මේවන විට 200කට අධික පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනවා.

    ප්‍රදේශවාසීන් පවසන්නේ, රෝගයට ගොදුරු වී සිටි තවත්  30 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි.වකුගඩු රෝගයට ගොදුරු වී තම සාමාජිකයන් මියයාම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට අදාල අංශ දැනුවත් කළද කිසිදු බලධාරියෙකුගේ අවධානයක් මේ සඳහා යොමු නොවු බව, පුබ්බිලිය ගම්මානයේ කාන්තා ගොවි සංවිධානය පවසනවා.

    පසුව එම සංවිධානය මැදිහත්ව සියලුම ගම්වැසියන් එකතු කර වකුගඩු පරික්ෂාවක් සිදු කර දෙන ලෙස ගොවිජන සේවා නිලධාරින් වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, දේශීය වෛද්‍යවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කණ්ඩායම් සඳහා ආරාධනා කර ඊයේ විශේෂ වෛද්‍ය සායනයක් සංවිධාන කර තිබුණා.

    කෝන්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කාන්තා ගොවි සංවිධාන නිලධා‍රින් කියා සිටියේ තම ගම්මානයේ ජනතාව මේවන විටත්  පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටින බවයි. වයස අවුරුදු 20 ඉක්මවූ බොහෝ දෙනෙකු හඳුනානොගත් විවිධ රෝගවලට ලක්වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.  

    Latest News