දුරකථන ගාස්තු ඉහළට...

සැප් 03, 2022

    සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු,  බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා. 

    ඒ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට අනුවයි. ගාස්තු ඉහළ නැංවීම ලබන 05වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බව,  බලපත්‍රලාභී විදුලි සංදේශ සේවා සැපයුම් සමාගම් පවසනවා. ජංගම හා ස්ථාවර දුරකථන සේවා ගාස්තු සහ  බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු  20% කින් ඉහළ දැමීමට නියමිතයි. මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ද 20% කින් ඉහළ දැමීමට අපේක්ෂිතයි. ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළයාම නිසා මෙහෙයුම් පිරිවැය තවදුරටත් ඉහළ යාම ගාස්තු ඉහළ දැමීමට හේතු වී තිබෙනවා. අදාළ සේවා සඳහා එකතු කළ අගය මත වැට් බදු ප්‍රතිශතයද මේ මස පස්වැනිදා සිට 15%ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි. මේ පිළිබඳ වැඩි  විස්තර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ www.trc.gov.lk වෙබි අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.                      

    Latest News