බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තද වැසි ඇති විය හැකියි. උතුර සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක්ද ඇති වනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං ඇති වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.