22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

සැප් 06, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.  එහි දැක්වෙන්නේ, සං‍ශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. 

    අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා.   ආරම්භයේදීම කථානායකවරයා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

    ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු ව්‍යවස්ථාවට අනුකූල බවත්, කරුණු කිහිපයක් ව්‍යවස්ථාවට අනුකූල නොවන නිසා විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ මතයේ දැක්වෙනවා.

    මේ අතර, රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගෙන ඇති ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රජයෙන් ඉල්ලීමක් කළා.    

    Last modified on අඟහරුවාදා, 06 සැප්තැම්බර් 2022 11:31

    Latest News