දිවංගත අමරකීර්ති අතුකොරළ මහතාගේ පවුලේ සාමාජිකයන් ජනපති හමුවේ...

සැප් 06, 2022

    පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ‍‍‍‍දිවංගත අමරකීර්ති අතුකොරළ මහතාගේ බිරිද හා දරුවන් දෙදෙනා, ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) හමුවුණා.

    අමරකීර්ති අතු‍කෝරල මහතා ඉකුත් 9 වැනිදා නිට්ටඹුව නරගයේ දී කලහකාරී පිරිසකගේ පහරදීමකින් ජීවිතක්‍ෂයට පත් වුණා. හමුව සිදු වුණේ, ජනාධිපති කාර්යාලයේ දී.  සිදු වීම පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කළ ජනාධිවරයා,  දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා ඕනෑම උපකාරයක් වේනම් තමා වෙත දැනුම් දෙන ලෙස ප්‍රකාශ කළා.  තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රිවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදාන යටතේ හෝ ඕනෑම උපකාරයක් දරුවන්ගේ අනාගතය හා පවුලේ සුබසාධනය වෙනුවෙන් ලබා දීමට සූදානම්  බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.   මේ අතර, අදාළ සිද්ධියෙන් මිය ගිය අමරකීර්ති අතුකෝරල මහතාගේ පෞද්ගලික ආරක්ෂක ‍නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපතිවරයා අතින් පසුගියදා සිදු කෙරුණා.

    Latest News