ඇළ මාර්ගයකට වැටී 15 හැවිරිදි සිසුවෙකු මරුට...

සැප් 09, 2022

    ‍‍නාවලපිටිය - කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකු ඇළ මාර්ගයකට  වැටී අභිරහස් ලෙස මිය‍ ගොස් ඇති බව,  නාවලපිටිය පොලීසිය  පවසනවා. 

    නිවසේ ජල නළ අලුත්වැඩියාවකට මෙම සිසුවා අද උදෑසන නිව‍සින් මීටර 500 ක පමණ දුරකින් පිහිටි ඇළ මාර්ගයක් අසලට තනිවම ගොස්  තිබෙනවා. ඔහු යළි නිවසට නොපැමිනීම නිසා  නිවැසියන් සොයන අවස්ථාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටී මියගොස් ඇති බවට, දැක ඇති බවයි වාර්තා වන්නේ.  සිද්ධිය  පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

    Latest News