දුම්රිය ආසන වෙන් කිරීමේ කාලය දින 14 සිට දින 30 දක්වා දීර්ඝ කරයි...

සැප් 09, 2022

    පවතින අධික මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ඉහළ සේවාවක් දුම්රිය මගීන් වෙත ලබාදීමේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ගමන් සඳහා ආසන වෙන්කිරීමට මෙතෙක් පැවති දින 14 කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව, 2022.10.13 වන දින 24.00 පැය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන්වල වෙන් කළ ආසන 2022.09.13 දින 10.00 පැයට වෙන්කරගැනීම සඳහා විවෘත වන අතර ඊට අනුරූපීව දුම්රිය ධාවනයට දින 30කට පෙර ආසන වෙන්කරවාගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය සේවය මගී ජනතාව වෙත දන්වා සිටී.

    Latest News