පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙක් අතුරුදන්

ඔක් 04, 2022

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙක් අතුරුදන්ව ඇති බව, පොලීසිය පවසයි.

    සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් ඊයේ (03) පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

    අදාළ සිසුවා විසින් ලියූ බවට සැකකෙරෙන ලිපියක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති අතර පෙරදා රාත්‍රි කාලයේදී ඔහු ඉන් පිටතට පැමිණ ඇති බවට ද අනාවරණ වී තිබේ.

    මෙම සිසුවා කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News