රාජ්‍ය ආයතන තුනක් ප්‍රතිව්‍යුහගත කෙරේ - ජනපති

ඔක් 06, 2022

    ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් අතර පවත්වන සමුළුවේ සම සභාපතිත්වය ලබා ගැනීමට ජපානය කැමැත්ත පළ කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළා.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.  

    Latest News