සෑම කෙනෙකුටම පෝෂදායි ආහාර ලබා ගත හැකි තිරසාර රටක් ගොඩ නගන බව අගමැති කියයි...

ඔක් 15, 2022

    සෑම කෙනෙකුටම පෝෂදායි ආහාර ලබා ගත හැකි තිරසාර  ශ්‍රි ලංකාවක් ගොඩ නගන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයේ ඊයේ පැවති වැඩසටහනකදී ඔහු ඒ පිළිබඳව අවධාරණය කළා. මෙය සංවිධාන කෙරුණේ, ලෝක ආහාර දිනය නිමිත්තෙන්.  “ වඩාත් යහපත් නිෂ්පාදනයක්, වඩාත් යහපත් සේවාවක්, වඩාත් යහපත් පරිසරයක්, හොඳ ජීවිතයක් මෙන්ම සාමුහිකව එක්වෙමු” යන්න වැඩසටහනේ තේමාවයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල, සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළ එක්ව මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට තවදුරටත් කැප වී සිටින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අවස්ථාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.  මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News