ඉකුත් මාසවලට සාපේක්ෂව මේ මස වන විට විදේශ ප්‍රේෂණ ඉහළයාමක් දක්නට ලැබෙන බව ඇමති මනූෂ කියයි...

ඔක් 15, 2022

    රට තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළට විදෙස්ගත ශ්‍රී ලංකිකයන්, මේ වන විට විශාල ශක්තියක් ලබා දෙමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

    එම නිසා ඉකුත් මාසවලට සාපේක්ෂව මේ මස වන විට විදේශ ප්‍රේෂණවල ඉහළ යැමක් දක්නට ලැබෙන බව, ඔහු පෙන්වා දෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධාන කළ "ග්ලෝකල් ‍ෆේයා" 2022 සමාරම්භක උත්සවයට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුනේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. දේශීය හා විදේශීය රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ට මෙම ස්ථානයට පැමිණිමෙන් ඒ සඳහා අවස්ථාව හිමිකර ගැනීමටත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් ලබා ගැනීමටත්, හැකියාව පවතිනවා. ප්‍රදර්ශනය දින දෙකක් පැවැත්වෙන අතර, ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදු කෙරුණා.

    Latest News