මුහුදුබඩ දුම්රිය මාර් ගයේ කාල සටහන සංශෝධනය වෙයි

ඔක් 20, 2022

    අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ. 

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    නව සංශෝධිත දුම්රිය කාල සටහන අනුව, මීට පෙර දුම්රිය ධාවනය වු වේලාවට මිනිත්තු 10කට හෝ 15කට පෙර දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

    870eb3aca9b67528ed9ecedec73df072

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022 16:56

    Latest News