මහවැලි ගගේ ගිය උ. පෙ. සිසුන් දෙදෙනාගෙන් අයෙක් අතුරුදන්...(වීඩියෝ)

ඔක් 20, 2022
  • මහනුවර - හල්ඔලුව, සීමාමාලකය අසල මහවැලි ගගේ දිය නාමින් සිටි උසස් පෙළ සිසුන් දෙදෙනෙකු දියේ ගසා ගෙන ගොස් ඇති අතර, එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. ‍

    අනෙක් සිසුවා ගඟ මැද ගලක් මත පැය 3 කට ආසන්න කාලයක් රැඳි සිට ඇති අතර, මහනුවර - ගිනි නිවීම් ඒකකය, පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් පසු ඔහු බේරා ගෙන තිබෙනවා. මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරු 4.00 ට පමණ දිය නෑම සඳහා ගල් පර්වතවලින් ගහන හක්කිඳ දූපත් සමූහය ආසන්නයට ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. එම අවස්ථාවේ මහවැලි ගගේ ජල පහර හදිස්සියේම වැඩි වීම නිසා, එම සිසුන් දියේ ගසා ගෙන ගොස් තිබෙනවා.

    Latest News