වෙළෙද මධ්‍යස්ථානයට තිලිණිගෙන් පොල්ලක්ද

ඔක් 26, 2022

    මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ මාස 08ක කුලියක් නොගෙවා බව හෙළිවී තිබේ.

    කාර් යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේය. එහි කුලිය මසකට රුපියල් ලක්ෂ 16ක් බවයි, වාර් තා වන්නේ.

    ඒ අනුව, ඇය රුපියල් ලක්ෂ 128ක කුලියක් ගෙවා නැති බවටයි, තොරතුරු වාර් තා වන්නේ. 

    ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලෙහි 34 වැනි මහල ඇයට කාර්යාලයක් පවත්වාගෙන යෑමට දෙන විට මාස 12ක තැන්පතුවක් තබාගෙන ඇති බැවින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පරිපාලනයට මෙමඟින් පාඩුවක් සිදුව නැති බව සොයා බැලීමකදී අනාවරණය වී ඇති බවයි, වැඩිදුරටත් වාර් තා වන්නේ.

    Latest News