අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (27) පැවති සාකච්ඡාවක දී, ඇය මේ බව කියා සිටියා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බච් මහත්මිය අතර හමුව සිදු වූයේ අරලියගහ මන්දිරයේ දී. යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා නෙදර්ලන්තය, ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, තානාපතිවරියට මෙහිදී ස්තූතිය පළ කළා.
කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය, ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධව ශ්‍රී ලංකාවට විශාල විභවයක් පවතින බවත්, ගෝලීය ආර්ථික තත්වය වත්මන් දුෂ්කර අවදියෙන් මිදීමෙන් පසු නෙදර්ලන්තය, මෙරට තවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇති බවත්, තානාපතිවරිය සඳහන් කළා. නෙදර්ලන්තය, ලවණ සහිත ඉඩම්වල වැවිය හැකි නව අර්තාපල් ප්‍රභේදයක් ද, නිපදවා තිබෙනවා. මුහුදට ආසන් ප්‍රදේශවල විශේෂයෙන් මෙරට උතුරු සහ නැගෙනහිර එම අර්තාපල් වගාව ආරම්භ කිරීම සඳහා බීජ ලබා දිය හැකි බවද, නෙදර්ලන්ත තානාපතිවරිය කියා සිටියා.