මහ කන්නයට අවශ්‍ය යූරියා ගොඩබායි

ඔක් 28, 2022

    මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 ක් රැගත් පළමු නෞකාවේ පො‍හොර ගොඩබෑම් මේ  වන විට ආරම්භ කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ ගැන සොයා බැලීම සඳහා  අද (28) කොළඹ වරායේ, නීරීක්ෂණ චාරිකාවකට එක්  වුණා. ලෝක බැංකුව මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම  සඳහා අමෙරිකානු ඩොලර් මිලියන  105 ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගත්තා.

    ඒ,  යටතේ මෙවර මහ කන්නයේ වී සහ බඩඉරිගු වගාවට අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණය ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු විනිවද භාවයෙන් පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවේ නියෝජිත පිරිස නිරන්තර අධික්‍ෂණයට සහයෝගය ලබා දුන්නා. ඒ අනුව, පොහොර මිලදී ගැනීමේ දී කිසිඳු අක්‍රමිකතාවක් නොවීමට පියවර ගෙන තිබුණා.

    මෙම පළමු යූරියා පොහොර තොගය මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වී වගාව සඳහා ලබා දීමට නියමිතයි. මහ කන්නයට අවශ්‍ය යූරියා මිලදී ගැනීමට කැඳවූ  දෙවැනි ටෙන්ඩරය අනුව, යූරියා පොහොර මෙට්‍රික්‍ ටොන් එක් ලක්‍ෂ 20,000 ක් රැගත් දෙවැනි නෞකාව, නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ළඟා වීමට නියමිතයි.

    Latest News