සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල අඩු කරයි....

නොවැ 03, 2022

    ලංකා ‍සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල අඩු කර තිබෙනවා.

    නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා දැනුම් දෙනවා. රුපියල් 1500 ක්ව පැවති වියළි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 1300 දක්වා පහත දමා තිබෙනවා. තිරිඟු පිටි කිලෝවක නව මිල රුපියල් 279 ක්. සුදු සීනි කිලෝවක මිල රුපියල් 260 සිට රුපියල් 238 දක්වා අඩු කර තිබෙනවා. රුපියල් 690 ක්ව පැවති ලොකු ප්‍රමාණයේ මාළු ටින් එකක මිල රුපියල් 585 ක් දක්වා අඩු කෙරුණා.

    Latest News