රජයේ බීජ අර් තාපල් ගොවිපළේ විරෝධතාව...(වීඩියෝ)

නොවැ 03, 2022
  • නුවරඑළිය-මීපිලිමාන ගම රජයේ බීජ අර් තාපල් ගොවිපොළ සතු ඉඩමක්, පෞද්ගලික සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින්, ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

    උ‍ද්ඝෝෂකයන් කියා සි‍ටියේ, ඉඩම, කෝපි වගාකරන මුවාවෙන් පෞද්ගලික සමාගමකට විකිණීමට බලධාරීන් උත්සහ දරන බවයි. රජයට අයත් අක්කර හත හමාරකින් යුත් එම ඉඩම පිහිටා ඇත්තේ, "දිමුතුගම" ප්‍රදේශ‍යේ.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සි‍ටියේ, එවැනි සිදු වීමක් පිළිබඳව තමා නොදන්නා බවයි. අදාළ ඉඩම නුවරඑළිය දිස්ත්‍රික්කයට නොව, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් එකක් බවත්, එම ඉඩමේ ප්‍රවේශ මාර්ගය පමණක් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 නොවැම්බර් 2022 18:37

    Latest News