ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක්...

නොවැ 11, 2022

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

    ඒ, ලබන 17 වැනිදා දක්වායි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. මෝසම, අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    Latest News