නව තානාපතිවරුන් 7ක් සහ මහ කොමසාරිස්වරයෙකු අක්තපත්‍ර බාර දෙති...(වීඩියෝ)

නොවැ 11, 2022
  • මෙරටට පත්ව පැමිණි නව තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා.

    ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී. මෙක්සිකෝව, භූතානය, පැරගුවා, ලක්සම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය යන රවටල් සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍යය සඳහා මහ කොමසාරිස්වරයෙකු ද මෙලෙස පත් ව සිටිනවා.

    මෙරට මෙක්සිකෝ නව තානාපතිවරයා ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ මහතා පත්ව සිටිනවා. භූතාන නව තානාපතිවරයා ලෙස පත්වන්නේ, රින් චෙන් ක්වෙන්සිල් මහතායි. ෆ්ලෙමින් රවුල් ඩොටේ මහතා, මෙරට පැරගුවා නව තානාපතිවරයා ලෙසයි, පත්ව සිටින්නේ. ඝානා රාජ්‍ය යේ මෙරට මහ කොමසාරිස්වරයා වන්නේ, ක්වාකු අසෝමා චෙරමේ මහතායි. සක්සැම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස, පෙගී ෆැන්සන් මෙනෙවිය පත්ව සිටිනවා. මෙරට රුසියා නව තානාපතිවරයා ලෙස පත්ව ඇත්තේ, ලෙවාන් ස්ගාරියන් මහතායි. නව ඕමාන් තානාපතිවරයා වන්නේ, අහ්මඩ් අලී සියිඩ් අල් රෂීඩ් මහතායි. ජෝන් ‍ෆැන්කෝ පැක්ටේ මහතා මෙරට ප්‍රංශ නව තානාපතිවරයා ලෙසයි, පත්ව සිටින්නේ.

    Last modified on සිකුරාදා, 11 නොවැම්බර් 2022 19:10

    Latest News