ගලෙන්බිඳුනවැවට ඉහළ ආදායමක් දෙන කෝමාරිකා

මාර් 21, 2019

    මුඩු ඉඩම් සංවර්ධනය කර, කෝමාරිකා වගා කිරීමේ වැඩසටහනක් ගලෙන්බිඳනුවැව ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරේ.

    මෙය දීර්ඝ කාලීන ආදායම් මාර්ගයක් ලබාගත හැකි ව්‍යාපාරයක් බවයි, ගොවීන් පවසන්නේ. මෙම වගාව එම ප්‍රදේශයේ ආරම්භ කර ඇත්තේ, කුමාරසිරි බණ්ඩාර නමැති 38 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වසර කිහිපයක සිට කෝමාරිකා වගාවේ නිරතවෙමින් සාර්ථක අස්වැන්නක් ලබාගෙන ඇති අතර, ඉහළ ආදායමක් ද එයින් උපයා තිබේ. ඔහු මේ වන විට ගලෙන්බිඳුනුවැව, සියඹලාණ්ඩුව, වනතාවිල්ලුව, හෙරොව්පතාන යන ප්‍රදේශවල අක්කර 3,000ක පමණ මුඩු ඉඩම් සංවර්ධනය කර, කෝමාරිකා වගාකරයි.

    ඊට අමතරව කෝමාරිකා වගා කරන අනෙකුත් ගොවීන්ට උපදෙස් ලබා දෙමින්, ඔවුන්ව වගාවන්ට උනන්දු කරන බව ඔහු පවසයි. එමෙන්ම, කොමිපොස් පොහොර සහන මිලට ලබාදීම ද ඔහු විසින් සිදු කරයි. මෙම කෝමාරිකා වගාව තුළින් විදෙස් විනිමය ලබාගත හැකි වනවා මෙන්ම, ජාතික ආර්ථිකයට ද එය මහත් දායකත්වයක් බවයි, කුමාරසිරි බණ්ඩාර මහතා පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 08:54

    Latest News