සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි...

නොවැ 16, 2022

    ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල අඩුකර තිබෙනවා.

    ඒ, පරිප්පු, ටින් මාළු සහ රතු කැකුළු සහල්වලයි. රතු පරිප්පු කිලෝවක් අඩුකර ඇත්තේ රුපියල් 9 කින්. එහි නව මිල රුපියල් 389 ක් වනවා. ග්‍රෑම් 425 ක් වූ දේශීය ටින් මාළු රුපියල් 45 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 540 ක්. රතු කැකුළු කිලෝ එකක් රුපියල් 5 කින් අඩුකර තිබෙනවා. එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 205 ක් ලෙසයි. මිල පහත හෙළීම අද (16) සිට ක්‍රියාත්මක වෙනවා.

    Latest News