පොලීසියට ගල් ගැසූ 6ක් කූඩුවේ

නොවැ 17, 2022

    අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ දී හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හය දෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

    එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්වීම සහ ගල්වලින් පහරදී තුවාල කිරීම යන වැරදි සම්බන්ධයෙන් අදාළ කාන්තාවන් හය දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (17) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 09:02

    Latest News