ඔහුගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අනුව ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි නුවර ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවනු ලැබිය. ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත්වුණේ පසුගිය නොවැම්බර් මස 6 වැනිදායි. ඒ අනුව ඔහු දින 11ක් අත්අඩංගුවේ පසුවුණා.
ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට ඕස්ට්‍රේලියාවේ තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි, ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. ්
ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරක් ගොනුකර තිබුණා.