රථ වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ

නොවැ 17, 2022
    හෙට (18) සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
    මෙම ගාස්තු සංශෝධනයට අනුව මෝටර් වාහනයක් සාමාන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් ද මෝටර් වාහනයක් ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000ක් ද එක්දින පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,000ක් වේ.
    ප්‍රමාද වී ලියාපදිංචි කිරීමේ ගාස්තු ද සංශෝධනය කර ඇති බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව, මෝටර් රථයක් සඳහා එක්දින ප්‍රමාද ගාස්තුව රුපියල් 100ක් ද යතුරු පැදියක් සඳහා එක්දින ප්‍රමාද ගාස්තුව රුපියල් 50ක් වේ.
    තවද ලියාපදිංචි වාහන සහතිකයේ තොරතුරු වෙනස් කිරීමේ ගාස්තුව රුපියල් 3,000ක් වේ.

    Latest News