හීනටිය දෙසට ධාවනය වූ ත්රීරෝද රථය, වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොළොන්නාවේ සිට ගාල්ල දක්වා ප්රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ හීනටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි, අහුංගල්ල පොලීසිය පවසන්නේ.