දකුණු අප්‍රිකානු ජනපති සිය රට බලා යයි...(වීඩියෝ)

නොවැ 17, 2022
  • කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ඊයේ සවස ශ්‍රී ලංකාවට පැමිණියා.

    ඒ, ඔහු ඉන්දුනීසියාවේ පැවති ජී-20 රාජ්‍ය නායක සමුළුවට සහභගී වී නැවත සිය රට බලා යන අතරතුරදී. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා, සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණේ ඒ, අතර වාරයෙදී. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගනු ලැබුවා. අනතුරුව නායක දෙපළ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වුණා. ආර්ථික සහයෝගිතාව සහ අයෝජනය ඉලක්ක කර ගනිමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණා.

    මෙරට සංචාරක ව්‍යාපාරය පුළුල් කිරිමට දකුණු අප්‍රිකාවේ සහය ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡා කෙරුණා. ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීම වෙනුවෙන් විශ්වසනීය සත්‍ය සෙවිමේ යාන්ත්‍රණයක් සෙවීම සඳහා දකුණු අප්‍රිකානු සහය, මග පෙන්වීම හා උපදේශනය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු වුණා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 19:12

    Latest News