ඒවා නැරඹීමට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන බවයි වාර් තා වන්නේ. රාවණා ඇල්ල ආරම්භ වන්නේ කිරිඳි ඔයෙන්. එය අයත් වන්නේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. දිය ඇල්ල මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් යුක්තයි. ඓතිහාසික වටිනාකමක් ඇති මෙම දියඇල්ල පිළිබඳ පුරා වෘත්තය රාවණා යුගය දක්වා දිවයනවා. ජලය අධික කාලයේදී දිය ඇල්ල ආශ්‍රිතව ලිස්සා වැටීම් හා දියේ ගිලීමේ සිදුවීම් 40 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එබැවින් ආරක්ෂාකාරීව දිය ඇලිවල සුන්දරත්වය නැරඹීමට එක්වන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.