IMF එකඟතා අද පාර්ලිමේන්තුවට

මාර් 22, 2023
    ජාත්යන්තර මූල්ය අරමුදලේ එකඟතා ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි
    ඒ අනූව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් විශේෂ ප්රකාශයක් ද සිදුකෙරන බවයි, වාර්තා වන්නේ. අනතුරුව, ගිවිසුම ඉදිරිපත් කෙරෙන ඇති.
     
    ශ්රී ලංකාවට ලබා දෙන විස්තීරණ මූල්ය පහසුකමේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 333 ක් ඉදිරි දින දෙක තුළ පිරිනැමෙන බව, අන්තර්ජාතික මූල්ය අරමුදල ප්රකාශ කරනවා.
     
    අනුව, මාස 48ක කාලයක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මූල්ය පහසුකමක් ශ්රී ලංකාව වෙත පිරිනමනු ලබනවා.
     
    ඒ, ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා මූල්ය ප්රතිසංස්කරණ ක්රියාවලිය විධිමත් කිරීම සඳහා යි.

    Latest News