JVP ආසන බල මණ්ඩල රැස්වීම

මාර් 21, 2019

    ජනතා විමුක්ති පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් ඊයේ බුලත්සිංහල නගරයේ දී පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

    රටක් වුණාට පස්සේ රජයට වගකීමක් තියෙනවා. ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ රජයට. අවුරුදු 30ක යුද්ධයක් තිබුණු රටක ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ ආණ්ඩුවට. යුද්ධයේ දී හානිවෙච්ච අයට යුද වින්දිතයන්ට සාධාරණය ඉටු කිරිමට තියෙන්නේ රජයට. ආරක්ෂක සැලැස්මේ ඉඩම් නිදහස් කරන්න ඕනේ. යුද වින්දිතයන්ට වන්දි දෙන්න ඕනේ. යුද්ධයේ වැන්දඹු වෙච්ච පවුල්වලට ජිවත් වෙන්න ක්‍රමයක් හදන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදි මානව හිමිකම් ආරක්‍ෂා කරන්න ඕනේ. ඒක අපිට කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා කියනකම් ඉන්න ඕනේ නැහැ. ඒවා පහුගිය ආණ්ඩු නොකළ නිසා තමයි ජිනිවා හරි මානව හිමිකම් කොමිසමට හරි ඇඟිල්ලෙන් ඇනලා කියන්න වාර්තා යෝජනා ගේන්න පුලුවන් කම ලැබුනේ අපේ ආණ්ඩුව ඒවා හරියට නොකරපු නිසා“ යැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    එම රැස්වීමේදී අදහස් පළකළ ලේකම් ටිල්වින් සිල්වා මහතා..

    “අවුරුද්දට දෙපාරක් ජිනිවා රැස්වෙනවා. අපේ පපුව පත්තුවෙන්නේ ඇයි. රටට කලබැගැනියක් ඇතිවෙන්නේ ඇයි. අපිට මොකද ජිනිවා රැස්වුණාම. ජිනිවා මානව හිමිකම් කොමිසම නිසා ලංකාව විත්තිකාරයෙක්. අපට දඬුවම් පනවලා තියෙන්නේ. අපට කොන්දේසි පනවලා තියෙන්නේ අපට. කොන්දේසි රැකපල්ලා-ඉටුකරපල්ලා කියලා. අපේ රටේ පාලකයෝ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක්කේ නැහැ. අපේ රටේ ගරුත්වය රැක්කේ නැහැ. මානව හිමිකම් කඩ කළා. අධිරාජ්‍යවාදින්ට ජිනිවා මානව හිමිකම් කොමිසම හමුවේ අපේ රටේ සෛවරීත්වයට අපේ රටේ ගරුවයට හානිකරන්න යෝජනා ගේන්න ඉඩකඩ හැදුවා. මහින්ද රාජපක්‍ෂ එයත් මේකට අයිතියි. එයා තමයි මේකේ ප්‍රධාන වගඋත්තරකරුවා“ යැයි ටිල්වින් සිල්වා මහතා පැවසීය.

     

     

     

     

     

     

    Latest News