86 හැවිරිදි වියේ පසුවන පාප්වහන්සේ, දින කිහිපයක සිට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් රෝගාතුරව සිට තිබෙනවා. වෛද්‍යවරු කියා සිටින්නේ, එතුමන්ට කෙවිඩ් 19 ආසාදිත තත්වයක අවදානමක් නොමැති බවයි.
නොබෝ දිනකින් යෙදෙන පාස්කු සැමරුම් උත්සවය සඳහා උන්වහන්සේ බොහෝ කාර්ය බහුල වීම සෞඛ්‍ය තත්වය දුර්වල වීමට හේතු වු බව, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම සති අන්තයේ පාම් ඉරිදා දේව මෙහෙයන් ලබන සතියේ ශුද්ධ වූ සතිය සහ පාස්කු ප්‍රධාන දේවමෙහෙය එතුමන්ගේ ප්‍රධානන්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාප් වහන්සේ රෝගාතුර වීමත් සමග ලෝක නායකයින් ඇතුළු දෙස් විදෙස් ජනතාව උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කොට තිබෙනවා. එතුමන් අප්‍රේල් මස අවසානයේ හංගේරියාවේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.