"කමලා වැරදියි" පාප් වහන්සේ ගුවනේදීම අමතයි

සැප් 15, 2024

    ආසියා පැසිෆික් කලාපයේ සිදු කළ දින 12 ක සංචාරයකින් අනතුරුව පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා නැවත වතිකානය වෙත ළඟා වී තිබෙනවා.

    සිංගප්පූරුවේ සිට ආපසු එන අතරතුර හෙ‍තෙම ගුවන් යානයේදී මාධ්‍යවේදීන් සමඟ සුහද පිළිසඳරක යෙදී තිබෙනවා.

    එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් කාන්තාවන් සඳහා ගබ්සා කිරීමේ අයිතිය නැවත ලබා දෙන බවට ලබා දී ඇති පොරොන්දුවට තමා දැඩි සේ විරුද්ධ බවයි.

    ඝාතනය කතෝලික දහමේ ප්‍රතික්ෂේප කර ඇති බව උන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

    සංචාරය අතරතුරදී පෝර්ට් මෝර්ස්බි නගරයේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණු අතර 35,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඒ අනුව 87 හැවිරිදි පාප් වහන්සේගේ දීර්ඝතම නිල සංචාරයද මෙය බව වාර්තා වනවා.

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2024 17:45

    Latest News