ඒ, මැයි 22 වැනි දින දක්වායි.
සමගි ජනබල වේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් කටයුතු කිරීම වැලැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා, දිසා අධිකරණය අද කල් ලබා දුන්නා. ඩයනා ගමගේ මහත්මිය මෙහිදී කියා සිටියේ, සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව, වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට එම පක්ෂය තුළ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි. එහෙත්, සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයින් බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවරා තිබෙන බවත්, ඇය පෙන්වා දුන්නා. ඒ අනුව, ඔවුන්ට සමගි ජන බලවේගය තුළ නිල තල දැරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස, ඇය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.