එහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී. පුංචිහේවා සහා එම කොමිසමේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනකු නම් කර තිබෙනවා.
පෙත්සම්කාරිය කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කළේ යැයි චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවය.
සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබා දීමට වග උත්තරකරුවන් ක්‍රියා නොකළ බව චෝදනා කරන පෙත්සම්කාරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති වී නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති බවද චෝදනා කළා.
ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.