මන්නාරම සමූහ මිනීවලේ අවසන් තීන්දුව අද

මාර් 22, 2019

    මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවක් අද (22) පැවැත්වේ.

    මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. පසුගිය 08 වැනි දින කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස මන්නාරම අධිකරණය විසින් නියෝග කළේය. කාබන් පරීක්ෂණ වාර්තාවට අනුව පරීක්ෂාවට ලක්කළ අස්ථි සාම්පල ක්‍රි.ව. 1450ත් 1650ත් අතර කාල සීමාවට අයත් බව අනාවරණය විය.  දින 156ක කාලයක් සිදුකළ කැණීම් වලදී සමූහ මිනීවල තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකි විය.

    Latest News