එම අධ්‍යාත්මික සංවර්ධනය මුල්කර ගනිමින් ත්‍රිපිටකාභිවන්දනා සතිය ක්‍රියාවට නංවා තිබෙන අතර විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිපිටකය පිළිබඳ සහ විනයෙන්, හැදියාවෙන් සහ හික්මීමෙන් යුත් යහපත් පරපුරක් නිර්මාණය කිරීමට මගපෙන්වන බෞද්ධ දර්ශනය පිළිබඳ එම වැඩසටහන හරහා රට පුරා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අරලගංවිල විදුමිණ පිරිවෙණේ දෙමහල් සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (21) පස්වරුවේ එක්වෙමිනි.
උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළා සේම ඒ පිළිබඳ මුළු ලෝකවාසී ජනතාවගේ අවධානය යොමුකරමින් තවත් වසර දහස් ගණනකට සුරක්ෂිත කෙරෙන ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීම මෙම 23 වනදා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දී සිදු කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
යහපත් සහ ගුණවත් සමාජයක් ගොඩනැගීමට ඉටුකළ හැකි සෑම වගකීමක්ම රජය ඉටුකරන බව සඳහන් කළ ජනාධිපතිතුමා පන්සල්, පල්ලි, කෝවිල් සංවර්ධනය කරමින් ඒ වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ අරලගංවිල විදුමිණ පිරිවෙණ වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව දෙමහල් සංඝාවාසය සඝ සතු කොට පූජා කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළේය. රුපියල් මිලියන 16 ක වියදමින් මෙම නව දෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.
දහම් පාසල් සිසුන් වෙත සහ පිරිවෙන් වෙත පොත් කට්ටල බෙදාදීමක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.
අරලගංවිල විදුමිණ පරිවෙනාධිපති පූජ්‍ය නෙතුල්ගොල්ලෑවේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.