“පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධන ව්‍යාපෘති ජන අයිතියට

මාර් 22, 2019

    පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 14 ක් වැය කරමින් ඉදිකෙරුණු අරලගංවිල ගොවිජන සේවා මධ්‍යස්ථානය ඊයේ (21) ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්විය.

    ප්‍රදේශයේ දීර්ඝ කාලයක් පුරා පැවති අඩුපාඩුවක් සපුරාලමින් මෙම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිකර ජනතා අයිතියට පවරාදීම සිදු විය.

    මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 139 ක් වැයකරමින් ඉදිකෙරුණු අරලගංවිල ජල සම්පාදන ව්‍යාපෘතිය ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    මෙම ජල සම්පාදන ක්‍රමයෙන් අරලගංවිල, අරලංගවිල බටහිර, පිඹුරත්තෑව හා අරලංගවිල රෝහල ආදී ප්‍රදේශවලට ජලය සැපයෙන අතර ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ඉදිකිරීමට පියවර ගැනිණි.

    Last modified on සිකුරාදා, 22 මාර්තු 2019 12:14

    Latest News