ජොන්ස්ටන්ගෙන් සතොස නඩුවට විරෝධතාවක්

මාර් 22, 2019

    ස.තො.ස සේවකයින් 153ක් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වලට යෙදවීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කළ නඩුව අප්‍රේල් 05 කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළාය.

    නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබිණ.

    විත්තිය විසින් නඩුවට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය . එ අනුව නඩුව ලබන 05 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළාය. එදින මූලික විරෝධතා සහ ඊට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් මහේස්ත්‍රාත්වරිය පැමිණිලි සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

    2010 සහ 2014 කාලසීමාවේදි ස.තො.සේ සේවකයින් 153 දෙනෙකු නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි 4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩුව ගොනුකර තිබේ.

     

     

     

     

     

    Latest News