විලත්තිකුලම් වන විනාශ නඩුව ජූනි 28 විභාගයට

මාර් 22, 2019

    විලත්තිකුලම් වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරිමට ඉල්ලු පෙත්සමක් ජුනි 28 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියම කළේය.

    අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ පෙත්සම කැදවනු ලැබිණ.

    මෙම පෙත්සම කඩිනමින් විභාග සඳහා දිනයක් නියම කරන ලෙසයි නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම් විභාගය ජුනි මස 28 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කෙරිණ.

    මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදි මලින්ද සෙනෙවිරත්න සහ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    විලත්තිකුලම් වනාන්තර කලාපය එළි පෙහෙළි කොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් විශාල පාරිසරික අගතියක් සිදුව ඇති බවයි පෙත්සම්කරුවන් පවසයි. එ අනුව වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරිම් සිදුකිරිම වැළැක්වීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News