පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පා ගමනක්

අප්‍රේ 21, 2023
    පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයේ සිව්වැනි වර්ෂ පූර්ණය නිමිත්තෙන් ජන පවුරක් නිර්මාණය කිරීමට කතෝලික සභාව ක්රියාකර තිබෙනවා.

    ඒ අනුව අද උදෑසන 8.00 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ - මීගමු මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරීමට නියමිතයි.

    එමෙන්ම පෙරවරු 8.45ට ප්රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි.
     
    කතෝලික සභාව පවසන්නේ, ප්රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් හා වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජන පවුර නිර්මාණය කරන බවයි.
     
    කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්රී දේව මෙහෙයක් ද පවත්වනු ලැබුවා.

    Latest News