මෛත්‍රි සහ පූජිත් පාස්කු නඩුවට අදාළ වන්දි ගෙවා අවසන්

සැප් 27, 2024
    හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු විසින් පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරු අද ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    අදාල පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.

    මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරු විසින් මීට පෙර තමන්ට නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබුණා.

    Latest News