ඉන්ධන කෝටාව එලෙසම  

අප්‍රේ 25, 2023

    සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

    අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ තීරණය ගත් බවයි‍.  ඉන්ධන ආනයනය, කළමනාකරණය, බෙදාහැරීම සහ විකුණුම් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරව මෙම තීරණයට එළඹ තිබෙනවා.

    ඒ අනුව, වි‍ශේෂ ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 15 ක්, සාමාන්‍ය ත්‍රීරෝද රථයක් සඳහා ලීටර 08 ක්, යතුරු පැදි සඳහා ලීටර 07 ක්, බස් රථ සඳහා ලීටර 60 ක් මේ යටතේ හිමි වනවා. මෝටර් රථ සඳහා සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර 30 ක්. ඉඩම් වාහන සඳහා ඉන්ධන ලීටර 25 ක්ද, ලොරි රථ සඳහා ඉන්ධන ලීටර 75 ක් ද සතියකට හිමිවනු ඇති. විශේෂ කාර්ය වාහන සඳහා ඉන්ධන ලීටර 30 ක් හිමි වනවා. වෑන් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර 30 ක්. කොඩ්රික් සයිකල් සඳහා ඉන්ධන ලීටර 06 ක් හිමිවනු ඇති.

    Latest News