බදු ආදායම 216% කින් ඉහළට

අප්‍රේ 25, 2023

    මේ වසරේ පළමු කාර්තුවේදී රැස් කළ බදු ආදායම, ඉකුත් වසරට සාපේක්ෂව 216% කින් ඉහළ ගොස් ඇති බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම කාර්තුවේ රැස් කර ඇති බදු මුදල රුපියල් මිලියන තුන්ලක්ෂ දහසය දහස් හයසිය දහනමයක්.  2022 වසරේ මුල් කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් හය දහස් පන්සිය හැට පහක බදු මුදලක් රැස් කර තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථා තත්වයට පත් වීම ‍මීට හේතුවයි. බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදිය ද බදු ආදායම ඉහළ යාමට සාධකයක්.

    Latest News